මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් මහතා පවසනවා.
දැනටමත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජනබල වේගය සමග කටයුතු කරන අතර තම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නැතත් උත්තර මණ්ඩලයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට කටයුතු කරන බවට විශ්වාසයක් තමන් තුල පවතින බව ජාතික සංවිධායකවරයා කීවා.
පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුප් හකීම් මහතා ඇතුළු පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ දැනටමත් එක්ව කටයුතු කරණ නිසා උත්තරීතර මණ්ඩලයේ සහයද සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව ජාතික සංවිධායක එම්.එස්.තවුපික් මහතා විශ්වාසය පල කළා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment