ඊශ්‍රායල පාලනයේ පවතින ගෝලාන් කඳුකරයේ පිහිටි ගම්මානයක පාපන්දු පිටියකට එල්ල වූ රොකට් ප්‍රහාරයෙන් අවුරුදු 10 ත් විස්සන් අතර වයස්වල පසුවන 12 දෙනෙකු ඊයේ (28) මියගියා.
එහිදී මියගිය දරුවන්ගේ සහ තරුණයින්ගේ අවමංගල්‍ය උත්සවය සඳහා දහස් ගණනක ඊශ්‍රායල වැසියන් පිරිසක් සහභාගිවී තිබෙනවා.
මෙම ප්‍රහාරයට හිස්බුල්ලා සංවිධානය වග කිවයුතු බවටයි ඊශ්‍රායලය චෝදනා කළේ.
ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙන ගුවන් ප්‍රහාර රැසක් ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරනු ලැබුවා.
මෙම සිදුවීමත් සමග දෙපාර්ශ්වය අතර දේශසීමාවේ පවතින ගැටුම් උත්සන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
ලෝක නායකයින් රැසක් මෙම ප්‍රහාරය හෙළා දැක තිබූ අතර, හිස්බුල්ලා සංවිධානය ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment