‘සී.අයි.ඩීයෙන් නම් මට ඉන්නම දෙන්නේ නෑ. මොන කරුමයක්ද මන්දා. මට තිබුණ මානසික නිදහසත් නැතිව ගියා" යැයි නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
මෙය තමා හිතා මතා කුඩු සිද්ධියකට පැටලවීමට කරන ගේම් එකක් බවත්, මේ කරන පවුකාර වැඩේට තම සාප ඉල්ලන බවත් ඇය එහි සඳහන් කර තිබුණා.
තමා මෝටර් රථය විකුණා වසරක් වන බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිය පරණ මිතුරියක බවත් සටහන් කරන ඇය මිත්‍රත්වය හේතුවෙන් මුදල් දෙපාරකට ලක්ෂ 50 බැගින් දුන්නේ යැයි ද පවසනවා.
වාහනයට මුදල් බාගයක් දී ඇති බවත් එම නිසා වාහනය තමාගේ නමට තවමත් පවතින බවත් පියුමි හංසමාලිගේ සටහනේ සඳහන්.
තමා සියයට දාහක් නිවැරැදි බවත් සිද්ධියට සම්බන්ධ වාහනයේ කුඩු ප්‍රවාහනය කර නොමැති බවත් කියන ඇය තමා කුඩු විකුණා නොමැති බව ද සදහන් කරනවා..

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment