මෙරට මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය වෙත විරෝධය පළ කර තිබෙනවා.
ඉන්දියාවේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා එරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනුයේ මෙම ධීවර ගැටළුව සම්බන්ධයෙන් මානුෂීය ආකාරයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ඉන්දීය රජය සෑම අවස්ථාවක දීම අවධාරණය කර ඇති බවයි.
ඉන්දීය ධීවරයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජය ඉහළම ප්‍රමුඛතාවක් ලබාදෙන අතර රටවල් දෙකම මෙම ගැටළුව සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කර මෙවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවත් ඔවුන් පෙන්වාදී තිබෙනවා.
උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment