මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසා සිටිනවා.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණගල මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
මේ අතර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය ඊයේ (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටිනවා.
අදාළ කාලය පසුගිය 07 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද, තැපෑලෙන් සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත සිදුකර තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණා.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment