අතුරුගිරිය ටැටූ කලාගාරය තුළ සිදු වූ ද්විත්ව ඝාතනයෙන් අනතුරුව ඝාතකයන් පලා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කරනවා.
ජූලි මස 8 වෙනිදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා තිබුණා.
අපරාධයට අනුබල දුන් සැකකරුවෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේදී අගෝස්තු මස (06) වන දින අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී එම සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කර දී ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.
අනතුරුව එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව වෙඩික්කරුවන්ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පලායාමට භාවිතා කළ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු දර්ගා නගරයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවක් ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සහ බස් රථය වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment