ගාසා හී ළමා අරමුදලට ලැබුණු තවත් ඇමෙරිකානු ඩොලර් පන් ලක්ෂ අනූදහසක් පලස්තීන රජය වෙත භාර දී තිබෙනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදීයී.
මීට අදාළ නිල ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් සහ එක්සත් ජාතීන්ගේ සහන වැඩ නියෝජිතායතනයේ (UNRWA) එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා යන මහත්ම මහත්මින් වෙත ජනාධිපතිවරයා විසින් භාර දෙනු ලැබුවා.
ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම මෙහි මූලික අරමුණ වුණා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment