දෙමටගොඩ දුම්රිය අංගනයේ අතුරුදන් වූ සේවකයාගේ සිරුර අනාරක්ෂිත ළිඳක තිබී සොයා ගෙන තිබෙනවා.
එම අංගනයේ සේවය කළ කාර්මික ශිල්පියෙක් ඊයේ (06) අලුයම 1.30 පමණ සිට අතුරුදන්ව තිබූ අතර, එලෙස අතුරුදන් වී තිබුණේ නායකගේ සුජීව කුමාර නමැති මාතර පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු සමග සේවයේ නියුතු සෙසු පිරිස කළ සෝදිසි කිරීමේදී ඔහුගේ බවට සැක කෙරෙන මුදල් පසුම්බියක්, ජංගම දුරකථනයක් සහ පාවහන් යුගලක් දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ළිඳක් ආසන්නයේ තිබී සොයා ගැනුණා
ඒ අනුව දෙමටගොඩ පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු පොලිස් නාවික කොට්ඨාසයේ කිමිදුම්කරුවන් ඊයේ රාත්‍රියේ ඔහු සොයා එම ළිදෙහි පරීක්ෂා කිරීම් සිදු කළත් ඔහුගේ සිරුර සොයා ගැනීමට හැකි වූයේ නැහැ
එවන් පසුබිමක, එම පුද්ගලයා සෙවීමේ කටයුතු සඳහා දුම්රිය බලධාරීන් සහ පොලිසිය ප්‍රමාණවත් පරිදි මැදිහත් නොවන බවට චෝදනා කරමින් දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත්වී වර්ජනයක් ආරම්භ කළා
උද්ගත වූ තත්ත්වය මත දුම්රිය මගින් දැඩි අසීරුතාවයකට පත් වූ අතර නිරන්තරයෙන් සිදු කරන දුම්රිය සේවක වර්ජන සම්බන්ධයෙන් මගින් පළකළේ දැඩි විරෝධයක් එමෙන්ම මෙම වර්ජනයෙන් විදෙස් සංචාරකයින් ද දැඩි අපහසුතාවයට පත්ව සිටියා.
වර්ජනය ක්‍රියාත්මක පසුබිමක, අතුරුදන් වූ පුද්ගලයාගේ මුදල් පසුම්බිය ඇතුළු ද්‍රව්‍ය හමු වූ ළිඳ සහ ඒ ආසන්නයේම පිහිටි තවත් ළිඳක් පරීක්ෂා කිරීමට නාවික හමුදා කිමිදුම්කරුවන් අද පෙරවරුවේ කටයුතු කළා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment