ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර අද (02) පැවැත්වුණ පළමු එක්දින ක්‍රිකට් තරගය ජය පරායෙන් තොරව අවසන් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
අද තරගයේදී යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මොහෙමඩ් ශිරාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලබා ගැනීම විශේෂත්වයක්.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 230ක් රැස් කරමින්.
ලකුණු 231ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගල ආරම්භ කඩුල්ලට ලකුණූ 75ක සබඳතාවක් ගොඩ නැගුවා.
පසුව ලකුණු 12ක් තුළ නායක රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල් සහ වොෂිංග්ටන් සුන්දර් දවා ගනිමින් දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය ඉන්දීය පිලට පීඩනයක් එල්ල කළා.
වනිඳු හසරංග විසින් විරාත් කෝලිව සහ අසිත ප්‍රනාන්දු ශ්‍රේයස් අයියර් ව දවා ගත්තත් ශ්‍රී ලංකා ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වුයේ නැහැ.
ඉන්දීය පිලට ජයග්‍රහණය වෙනුවෙන් එක් ලකුණක් ලබාගැනීමට තිබිය දී චරිත් අසලංකගේ පන්දු යැවීම හමුවේ එක පිට කඩුලු දෙකක් බිඳ හෙළීම නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment