පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබෙනවා.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන තරග වැදුණේ සිව්වැනි මංතීරුවේය.
සුවහසක් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ බලාපරෛාත්තුවත් සමඟ අරුණ දර්ශන ඊයේ රාත්‍රී 11.05ට පමණ ක්‍රීඩාංගණයට පිවිසියා.
එම ඉසව්ව අවසන් කිරීමට අරුණ ගතකල කාලය තත්පර 44 යි දශම 7යි 5කි.
එම කාලය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස වාර්තා අතරට එක්වුණු අතර ඔහුගේ දක්ෂතාව දෙවැනි වුණේ සුගත් තිලකරත්නට පමණයි.
නමුත් එම තරගයේදී අරුණ, ධාවන මංතීරු නිති උල්ලංගණය කර තිබීම හේතුවෙන් අරුණගේ එම දක්ෂතාව අවලංගු කිරීමට තරග සංවිධායකයන් කටයුතු කළා.
ඔහු එම තරගයෙන් පස්වෙනි ස්ථානය හිමිකර ගත්තා.
.jpg)
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment