ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පවසනවා.
කිසිදු ඡන්ද පදනමක් නොමැති පාර්ශව කිහිපයක් එක්ව ඊයේ (08) දිනයේ පොදු අපේක්ෂකයෙකු ප්‍රකාශයට පත් කිරීම අනුමත කළ නොහැකි බව මන්ත්‍රීවරයා පෙන්වාදෙනවා.
ඊයේ දිනයේ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සංවිධාන කිහිපයක් එක්ව දෙමළ පොදු අපේක්ෂකයෙකු නම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශානක්කියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා මේ බව කියා සිටිනවා.
"මේ පොදු අපේක්ෂකයා අවශ්‍ය නැති වැඩක් දෙමළ ජනතාවට. දෙමළ ජනතාවට කිසිම උනන්දුවක් නෑ පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියලා. දැනට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින්ගෙන් එක්කෙනෙක් නියත වශයෙන්ම ජනාධිපති වෙනවා. ඡන්ද වෙන අයෙකුට යන එක වළක්වන්න වෙනත් අපේක්ෂකයෙකුගේ උවමනාවට ඉදිරිපත් වුණා කියලත් මතයක් තියෙනවා."

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment