පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට වන යෝජනාවක් අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර හෙට (07) දිනයේ ආණ්ඩු පාර්ශ්වය විසින් ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව’ සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවා.
අගෝස්තු 8 වනදා වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් දෙවැනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment