දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ පවත්වා තිබෙනවා.
ඒ, එම්. ඒ. සුමන්දිරන්ගේ කොළඹ පිහිටි නිවසේදීය.
එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගී වී තිබෙනවා.
වත්මන් දේශපාලන තත්ත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වනවා.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළ බව එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසුවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment