විජයදාසට සහ සාරථීට පැනවූ වාරණය යළිත් දීර්ඝ කෙරේ
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්රධාන ලේකම් ලෙස තේරී පත් වූ අධිකරණ ඇමති අමාත්ය විජයදාස රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්රී සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම සහ එම තෝරා පත් කරගැනීමේ තීරණය ක්රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝග සැප්තැම්බර් මස 24 දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද(29) නියෝග කළා.
වැඩ බලන ප්රධාන ලේකම්ගේ හා වැඩ බලන සභාපතිවරයාගේ තීරණ ක්රියාත්මක කිරීම හෝ බලාත්මක කිරීම වළක්වමින් නිකුත් කළ වාරණ නියෝගයද යළි දීර්ඝ කෙරුණා.
විත්තියේ විරෝධතා එදිනට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික හා රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක,දුමින්ද දිසානායක හා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර යන මහත්තුරුන් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝග නිකුත් කර තිබුණා.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්රධාන ලේකම් සාරථි දුෂ්මන්ත මිත්රපාල,වැඩ බලන සභාපති,වරායා ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාලද සිල්වා,අධිකරණ ඇමති ජනාධිපතිනීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ,පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්රී තිලංග සුමතිපාල මහතා නම් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.
ඒ අනුව සියලුම දිස්ත්රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඒ ඒ දිස්ත්රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත එනම් දිස්ත්රික් මැතිවරණ කාර්යාලයේ ලිපිනයට යොමු කළ යුතු වනවා.
එක හා සමාන පුද්ගල නාම පවතින හෙයින් තමන්ගේ තොරතුරු වෙනත් අයෙකු ලවා පරීක්ෂා කොට තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් වළකින ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරනවා.
තැපැල් ඡන්ද පහසුකම් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වන අයදුම් පත් ඡන්දහිමි නාමලේඛන ප්රදර්ශනය කරනු ලබන ස්ථානවලින්, දිස්ත්රික් මැතිවරණ කාර්යාවලින් නොමිලේ ලබාගත හැකි අතර, මැතිවරණ කොමිෂන් සභාවේ වෙඩ් අඩවියෙන් ද ලබාගත හැකිය.
තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලුදෙනාගේම අයදුම්පත් අගෝස්තු 5 වන දින හෝ එදිනට පෙර හෝ අදාළ දිස්ත්රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත ලැබිය යුතුවනවා.
අයදුරම් භාරගැනීම අවසන් දිනයේ දී එනම් අගෝස්තු 5 වන දින මධ්යම රාත්රී 12ට පෙර ඒවා නියමිත දිස්ත්රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතර, එදිනට අයදුම්පත්ර තැපෑලට භාරදීම පමණක්, එම අයදුම්පත්ර පිළිගැනීම සඳහා හේතුවක් නොවේ.
තැපැල් ඡන්ද අයදුම්පත්ර භාරගැනීමේ අවසන් දිනය 2024.08.05 වන දින බැවින් එදිනට පෙර ලැබෙන සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
එදිනට පසු ලැබෙන අයදුම්පත් සලකා බැලීමකින් තොරව ප්රතික්ෂේප කරන බැවින් කඩිනමින් අයදුම්පත නියමිත සහතික කිරීමේ නිලධාරී මඟින් අදාළ දිස්ත්රික් තේරීම්භාර නිලධාරී නෙත යොමු කරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අදාළ නිවේදනයෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 ජූලි මස 26 වන දින සිට සාමාන්ය කාර්යාල වේලාවන් තුළ පහත සඳහන් ස්ථානවල ප්රදර්ශනය කෙරෙනවා.
* සියලුම දිස්ත්රික් ලේකම් කාර්යාලවල (කච්චේරිවල)
* සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාලවල
* සියලුම ග්රාම නිලධාරී කාර්යාලවල
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
අද (29) උදෑසන මාධ්ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම තීරණය දැනුම් දුන්නා.
තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරග කරනු ලබන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් නොව වෙනත් සන්ධානයකින් බවත් එහිදී ඒ මහතා පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා,
"කැබිනට් මණ්ඩලයේ තවමත් ශ්රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන කිසිවෙකුත් තවම ඉදිරිපත් වී නෑ. අපි දෙන්නම ආගන්තුක පක්ෂවලින් තරග කරන්නේ. මම කල්පනා කළා ජනාධිපතිතුමා මේ ගැන මගෙන් මතය ඇහුවා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙම අමාත්ය ධුරයෙන් සමුගන්න තීරණය කළා. ඒ බව මම දැනුම්දී තිබෙනවා. අමාත්ය ධුර භාරගැනීම, නෙරපීම, ඉවත්වීම මට සාමාන්ය දෙයක්. මීට පෙර 6 වතාවක් මට පිරිනැමපු අමාත්ය ධුර මම භාරගෙන නෑ."
අමෙරිකාවේ උද්යානයකට එල්ලවූ වෙඩි ප්රහාරකින් එක අයෙක් ජීවිතක්ෂයට
අමෙරිකාවේ නිව්යෝර්ක්හි රොචෙස්ටර් නගරයේ සිදුකළ වෙඩිතැබිමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
නිවියෝර්ක් හි රොචෙස්ටර් නගරයේ පිහිටි මේපල්වූඩ් උද්යානයේ දී මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.
වෙඩිවැදිමෙන් මියගිය පුද්ගලයා 20හැවිරිදි අයෙකු වන අතර තුවාල ලැබු එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්ය වාර්තා කළා.
අදාළ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් වනවා.

.jpg)


.jpg)
.jpg)

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs