අප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ සිදුවුණු නායයෑම් දෙකකින්, දෙසිය තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. නායයෑම් හටගත්තේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි.
මියගිය දෙසිය තිස් දෙදෙනා අතරේ, කාන්තාවන් 84 දෙනකු සිටින බව ද පැවැසෙයි. නායයෑම් දෙකම සිදුවූයේ එකම ස්ථානයේය. නායයෑමට හසුවූයේ ගෝෆා නමැති පිටිසර ප්‍රදේශයේ ගම්මානයකි. පළමු නායයෑමෙන් ගම්මානයේ නිවාස රැසක් මඩ සහ පස් තට්ටු අතරේ සැඟවී යද්දී නිවාස තුළ සිටි පිරිස් ද පණ පිටින් වැළලිණි.
එම පිරිස් මුදා ගැනීමට කඩිනමින් මෙහෙයුම් ඇරඹිණි. දෙවැනි නායයෑම හටගත්තේ දිවි ගලවා ගැනීම් සිදුවෙද්දීය. දිවි ගලවා ගැනීමට පැමිණි බොහෝ දෙනකු එම දෙවැනි නායයෑමට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බව පැවසෙනවා.
පස් සහ මඩ තට්ටු අතරේ සිරවුණු පස් දෙනකු ඊයේ (23) බේරා ගැනීමට හැකිවුවත්, සෙසු පිරිස බේරා ගැනීම ගැටලුවක් වී ඇතැයි ඉතියෝපියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඉතියෝපියාව අප්‍රිකානු රාජ්‍යයකි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment