කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලීසිය පවසනවා.
මහල් හයකින් සමන්විත අදාළ ගොඩනැගිල්ලේ බිම් මහලේ විදුලි පද්ධතිය සම්බන්ධ ස්ථානයෙන් ගින්න හටගෙන ඇති බව පැවසේ.
කළුතර මහ නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් යොදා ගනිමින් මේ වනවිට ගින්න පාලනය කරමින් සිටින බව වාර්තා වනවා.
ගොඩනැගිල්ලේ සිටි නිලධාරින් සහ සේවකයින් ඉවත්කරන අයුරු ද දැකගත හැකි වූ බව පවසනවා.
මෙම ගින්න විදුලි කාන්දුවක් නිසා හටගෙන ඇති බවට මේ වනවිට තහවුරු කරගෙන ඇති අතර ,බිම් මහලින් හටගත් ගින්න මේ වන විට පාලනය කිරීමට කළුතර නගර සභාවේ ගිනි ඒකකය සමත් වී තිබෙනවා.
ගින්න පාලනය කිරීම සඳහා ගිය ගිනිනිවන හමුදා භටයෙකු හුස්ම හිරවීම හේතුවෙන් මේ වනවිට රෝහල් ගතකර ටිහ්බෙනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment