සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් 27 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
එහි සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ, මෙම තත්ත්වය තොරතුරු සැඟවීමේ උත්සහායක් බවට සැකයක් පවතින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කුමුදේශ් සඳහන් කළේ ,
"සෞඛ්‍ය සේවයේ විතරක් නෙමෙයි රාජ්‍ය සේවය තුළත් දුෂණ වංචා රැසක් තියෙනවා හෙළිදරව් කිරීමට නිලධාරීන්ට නොහැකි වෙලා තියෙනවා. නීතිය පැහැදිලි වෙන්න ඕනේ. අද අපි මේක ගැන කතා කරනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ 30 දෙනාගේ 27ක් මාරු කරලා. එක්කෝ එයාලව මාරු කරලා තියෙන්නේ එයාලගෙන් වැරදි වෙච්ච බව සෞඛ්‍ය ලේකම්වරයා පිළිගත්ත නිසා වෙන්න ඕනේ. එහෙම නම් ඒ අයට දඬුවමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පහුගිය තොරතුරු දන්න අයව මාරු කරලා හොයා ගන්න බැරි තත්ත්වයක් උදා කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මේ අමාත්‍යාංශයේ 27ක් මාරු කිරීම තුළ තොරතුරු සැඟවීමේ අවශ්‍යතාවයක් තිබිය යුතුයි." යනුවෙනි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment