බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් ආරම්භකර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ඒරට තුළ ගැටුම්කාරී වාතාවරණයක් ඇති වී තිබෙනවා.
පොලීසිය විසින් විරෝධතාකරුවන් පාලනය සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර ඇති අතර එසේම කටකතා පැතිරීම වැලැක්වීම සඳහා ජංගම දුරකථන සඳහා අන්තරජාල පහසුකම් අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය පවසනවා.
විශ්ව විද්‍යාල සිසුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ නිදහස් සටන සඳහා එක්වූ පවුල්වල දරුවන් සඳහා රැකියාවලින් 30%ක් වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත්කර ගන්නා ලෙස ඉල්ලමින්.
ඇතිවූ ගැටුම් හේතුවෙන් මේ දක්වා 6 දෙනෙක් මියගොස් විශාල ගණනක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment