කොලොන්න ප්‍රදේශයේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිමේ සිද්ධියට සැකකරුවන් වන වෙඩික්කරුවන් දෙදෙනාව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිද්දෙනිය පොලිස් වසමේ දී සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
කොලොන්න පොලිස් වසමේදි තේ වගා ව්‍යාපරිකයෙක්ව ඔහුගේ නිවසේදී වෙඩිතබා ඝාතනය කිරිමට සම්බන්ධයෙන් රාමනායකගේ ඉන්දික කුමාර නොහොත් "කැලෑ මහින්ද" හා ජයවර්ධන අබේසිංහ පතිරණගේ සඳකැළුම් ජයවර්ධන නම් පුද්ගලයින්ව පසුගිය අඟහරුවාදා (09) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන් සතුව තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවි 02ක්, බෝර 12 ජිව උණ්ඩ 02ක්, හෙරොයින් ග්‍රෑම් 100 ක්, වෙඩිතැබීම සඳහා පැමිණි බවට සැකකරන යතුරුපැදියක් හා ජංගම දුරකතන 03ක් පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගනු ලැබුවා.
තවද මෙම සැකකරුවන් දැනට ප්‍රංශයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සංවිධාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන රොටුඹ අමිල නැමැත්තාගේ ප්‍රධාන ගෝලයින් වන බව හා රොටුඹ අමිල නැමැත්තාගේ ලොකු අම්මා වෙත පහරදීමක් සම්බන්ධව එයට පළිගැනීමක් වශයෙන් කොලොන්නේ පදිංචිව සිටි එස්.බි. කුමාරසේන ව වෙඩිතබා ඝාතනය කර ඇති බව දැනට පැවති මූලික විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.
මෙම ඝාතනය සඳහා රොටුඹ අමිල විසින් ලක්ෂ 04ක මුදල් හා හෙරොයින් ලබා දී ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment