වීසා නොමැතිව ශ්‍රී ලංකාව තුල රැඳි සිටි විදේශිකයින් 06 දෙනෙකු සහ තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සමග විදේශිකයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විදේශිකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ආඬිඅම්බලම ප්‍රදේශයේ සැකකටයුතු විදේශිකයන් පිරිසක් රැඳී සිටින බවට කටුනායක පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (11) පස්වරුවේ සිදුකළ සෝදිසි කිරීමේදී.
පොලීසිය පවසන්නේ නීතිවිරෝධි ලෙස ගෙන්වන ලද දුම්වැටි 1,000ක් (පැකට් 50) එක් විදේශිකයෙකු සතුව තිබූ බවයි.
වයස අවුරුදු 25, 26, 33, 38, 39 සහ 42 වයස්වල පසු වන ඉන්දීය ජාතිකයන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන විසින් සිදුකරනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment