ගල්ගමුව පොලිස් වසමේ ගල්ගමුව ආණමඩුව මාර්ගයේ පළුකන්දෑව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබෙනවා.
ආණමඩුව ප්‍රදේශයේ සිට ගල්ගමුව ප්‍රදේශය දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
අදාළ අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.
මියගිය තරුණයා ගල්ගමුව ප්‍රදේශයේම පදිංචි තරුණයෙක් බවයි සඳහන් වන්නේ.
කාර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment