යතුරුපැදියක් සහ ගිලන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද (19) අලුයම් කාලයේදී අනතුර සිදුවූ බවටයි වාර්තා වන්නේ.
ගාල්ල කොළඹ මාර්ගයේ තරුණ සේවා මාවත හන්දියේදී ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බලපිටිය රෝහලට අයත් ගිලන් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 22 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වුණා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment