විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ මහජන අදහස් විශ්ලේෂණයෙන් අනතුරුව ජූලි 15 වැනිදා ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බව මහජන උපයොගීතා කොමිසම ප්‍රකාශ කරනවා.
එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසන්නේ, පෙර ලියාපදිංචි වූ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නියොජිතයින් 46 දෙනෙකුගෙන් අදහස් ලබාගත් බවයි.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියේදී සිදුකරන විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
එම යෝජනාවලට අනුව සමස්තයක් ලෙස අඩුවන ගාස්තු ප්‍රතිශතය 13.8%ක් ලෙස සඳහන් වනවා.
ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයට 25.5%ක ගාස්තු අඩුවීමක් සහ ආගමික සහ පුණ්‍යායතනවලට 3%ක අඩුවීමක් සිදුවනවා.
නමුත් මෙම යෝජනාවලට අනුව හෝටල් සහ කර්මාන්ත ක්ෂේත්‍රයට කිසිදු ගාස්තු අඩුවීමක් යෝජනා කර නැහැ.
යෝජිත ගෘහස්ථ විදුලි ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0 සිට 30 දක්වා විදුලි ඒකකයක් වෙනුවෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 08 සිට 06 දක්වා අඩු කෙරෙනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment