මගීන් 346 දෙනකුට මරු කැඳවමින් 2018 සහ 2019 වසරවලදී සිදුවූ බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා අනතුරු දෙක සම්බන්ධයෙන් වරද පිළිගැනීමට එම සමාගම තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව සාපරාධි වංචාවක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සඳහා බෝයිං සමාගම වරද පිළිගනු ඇති බවත් එම මාරක අනතුරු දෙකෙන් පසුව බෝයිං සමාගම භාවිත කරන ආරක්ෂක උපක්‍රම වෙනස් කරන බවට පොරොන්දු වෙමින් එම සමාගම සහ ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව එළඹි ගිවිසුම බෝයිං සමාගම උල්ලංඝනය කර තිබීම සාපරාධි වංචාවක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව එල්ල වීමට හේතුව බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව සහ බෝයිං සමාගම ඇති කරගත් නව එකඟතාව අනුව සාපරාධි වංචාවක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට එම සමාගම වරද පිළිගනු ඇති බවත් එසේ නොකෙරුවා නම් බෝයිං සමාගමට එරෙහිව අපරාධ නඩුවක් විභාග වීමට නියමිතව තිබූ බවත් එම වාර්තාවල සඳහන් .
නමුත් මෙම එකඟතාවයට 2018 සහ 2019 වසරේදී සිදුවුණු අනතුරුවලින් මියගිය ගුවන් මගීන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා,

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment