තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුද ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවගේ විශේෂ අවධානය සඳහා.
සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය නිසා මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10ත් 18ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 75 ත් අතර මුහුදු ප්‍රදේශවල ) සහ බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 15ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 84 සහ 91 ත් අතර මුහුද ප්‍රදේශවල ) ඉතා තද සුළං ( පැ.කි.මී. 70-80) පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි එම නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ.
මෙම මුහුද ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩ බිම ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දන්වා තිබෙනවා.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව විසින් ඉදිරයේදී නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවට දන්වා තිබෙනවා.
මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව දැනුම් දෙනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව අද (22) දිනය සඳහා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment