එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සිදුවෙන ආකාරය පිළිබඳව යම් ආරම්භයක් දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ විදුලියෙන් ක්‍රියාකරන වාහන වැඩිපුර ගෙන්වීමට අවධානය යොමුව ඇති බවයි .
එසේම වාහනය ආනයනය සිදුකරන ආකාරය පිළිබඳවත් ආරම්භයක් ලබාදීමට සූදානමින් සිටින බවත් ඔහු සඳහන් කළා.
ඊට අදාළ කමිටු වාර්තාව අගෝස්තු මස දෙවන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment