හෙට (19) පස්වරු 1 තෙක් වලංගු වන පරිදි මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 60ත් 65ත් දක්වා වැඩිවිය හැකි බව එහි සඳහන් වනවා.
එම මුහුදු ප්‍රදේශ විටින්විට ඉතා රළු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැ.කි.මී 50ත් 55ත් දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු වන බවද එම නිවේදනයේ සඳහන් වනවා.
කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මෙය ගොඩබිමට එන රළෙහි උස නොවන බවද දැනුම් දී තිබෙනවා.
මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment