ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබෙනවා.
ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකයි.
මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙන සිදුවීම් රැසක් පිළිබඳව ශාසන ඉතිහාසයේ සඳහන්වනවා.
ඒ අතර බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරු ගිහි ගෙය හැර මහණදම් පිරීම සඳහා පිටත් වීම, සිදුහත් කුමරුගේ පුතණුවන් වන රාහුල කුමාරයා ඉපදීම ද වනවා.
ගෞතම බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය බරණැස ඉසිපතන මිගදායේදී පස්වග මහණුන්ට දේශනා කරන ලැබුවේද ඇසළ පුරපෝය දිනයේදීයි.
ඇසළ මාසය උදාවන විට පෙර වස් විසීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කර තිබෙන අතර ඒ අනුව ඇසළ පොහෝදා පදනම් කරගෙන පෙර වස් විසීමද ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීමකි.
බුදුරජාණන් වහන්සේ එවකට භාරතයේ විසූ මානාධික තීර්ථකයින්ගේ මානය බිඳ හෙළීමද සිදු කර ඇත්තේ මෙම පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.
ඒ අනුව බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී යමා මහ පෙළහර පා ඔවුන්ගේ මානය බිඳ දමා තිබෙනවා.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ලංකාවේ කිත්සිරි මෙවන් රජදවස කලිඟු රට සිට හේම මාලා කුමරිය සහ දන්ත කුමරුන් ලක්දිවට උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීමද සිදුකර ඇත්තේ මෙම පෝය දිනයේදීයි.
එතැන් පටන් ඇසළ පෝය මුල් කරගෙන ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීමද චාරිත්‍රානුකූලව සිදු කෙරෙනවා.
බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීම පිණිස මුල්ගල තබා ඇත්තේ ද අද වැනි දිනකයි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment