විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ ජනතාව ගැන සිතා සද්භාවයෙන් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පුවත්පතකට සඳහන් කර තිබෙනවා.
මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ දරනවා දැයි ජනතාව අතරේ භීතියක් ඇතිවන හෙයින් එය වැළැක්වීමේ අරමුණින් තමා එම ක්‍රියාමාර්ගය ගත් බවත් ඇතැමුන් ඊට වෙනස් මතයක සිටින්නේ නම් ඒවායේ ප්‍රතිඵල ඒ අයම බාරගත යුතු බවත් ඔහු සඳහන් කරනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment