හබරාදූව - හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (28) රාත්‍රී තානායමක් ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.
වෙඩිවැදිමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු ත්‍රීරෝද රථයකට නැගීමට උත්සාහ කිරිමේදි වෙඩික්කරුවන් ත්‍රීරෝද රථයටද වෙඩිප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
එහිදී ත්‍රිරෝදරථයේ රියදුරුට ද වෙඩි වැදී තිබෙනවා.
කෙසේවෙතත් ඔහු රථය නොනවත්වා රෝහල වෙත ධාවනය කර තිබු බව පොලීසිය සඳහන් කළා.
වෙඩිවැදිමෙන් 34 සහ 54 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් හබරාදූව සහ අගුළුගහ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment