ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින් 2024 ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
මෙලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙමශූරතාවය දිනා ගත්තේ පළමුවතාටයි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළා.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.4කදී කඩුලු 2ක් දැවී ලකුණු 167ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු පන්දු 43කදී ලකුණු 61ක් ලබා ගත් අතර ජයග්‍රහණයේ නියමුවා වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් රැස් කළා.
ඇයට අනගි සහයක් දුන් කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment