බදුල්ල සොරනාතොට මාර්ගයේ වැලිහිද ප්‍රදේශයේදී අද දහවල් 12.00 ට පමණ ලොරි රථයක් මාර්ගය මැදම පෙරලි අනතුරට ලක්විමෙන් එහි ගමන්කළ පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.
එමෙන්ම තිදෙනෙකුට බරපතල තුවාල සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාර්ගවල මගී ආවරණ සවි කිරීම සඳහා මොණරාගල සිට පැමිණි පිරිසක්.
තුවාලකරුවන් බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment