අකුරණ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර - මාතලේ මාර්ගය (A9) මේ වන විට යළි විවෘත කර ඇති බව පොලීසිය පවසනවා.
එම ගින්න හේතුවෙන් මහනුවර - මාතලේ මාර්ගය අද (05) පෙරවරුවේ තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණා.
ගින්න තවත් වෙළඳසැල් කිහිපයකට පැතිරයාම හේතුවෙනුයි පොලීසිය මෙලෙස මාර්ගය තාවකාලිකව වසාදැමීමට කටයුතු කර තිබුණේ.
අකුරණ නගරයේ පිහිටි මෙම අවන්හල තුළ ගින්න හටගෙන තිබුණේ අද උදෑසන 6.30ට පමණයි.
ඒ සමගම අවන්හලේ සේවය කරමින් සිටි සේවකයින් පිටතට පැමිණි අතර ගින්න වේගයෙන් එම ගොඩනැගිල්ල පුරා ව්‍යාප්ත වී තිබෙනවා.
අවන්හල තුළ තිබූ ගෑස් සිලින්ඩර් 50ක් පමණ එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් කඩිනමින් මැදිහත්වී ඉන් පිටතට ගෙන ඇත්තේ ඒවා පිපිරීමෙන් සිදුවිය හැකි මහා විනාශය වළක්වාගැනීම සඳහායි.
ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ කැඳවා තිබුණා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment