අතුරුගිරිය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය සුරේන්ද්‍ර වසන්ත එසේත් නැතිනම් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවේම වෙනත් ස්ථානයක මේ වන විට තැන්පත් කර තිබෙනවා.
අවසන් ගෞරව දැක්වීමට අද (12) පෙරවරු 8.30 සිට බොරැල්ලේ පිහිටි මල්ශාලාවේ ඒ මහතාගේ දේහය තබන බව පැවසුවත් එසේ පැවසු ස්ථානයේ මේ වන තෙක් දේහය තැන්පත් කර නොමැති බවත් වාර්තා වනවා.
එසේම මේ මොහොතේ එම ස්ථානයේ දොරවල් වසා දමා ඇති අතර එය දැකබලාගැනීමට කිසිවෙකුටත් අවස්ථාව ලබාදී නැති බවත් සඳහන් වනවා.
කෙසේනමුත් පෙරේදා රාත්‍රියේ විදෙස් රටක සිට ලැබුණු ඇමතුමකින් කරන ලද තර්ජන නිසා මේ මේ මොහොතේ දේහය තැන්පත් කර ඇති මල් ශාලාවේ එම ස්ථානය වටාත් දැඩි ආරක්ෂාවක් යොදවා තිබීම දැකගැනීමට හැකිවනවා.
එම ඇමතුමෙන් අනතුරු අඟවමින් පවසා තිබුණේ යම් අයුරකින් යළි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවටයි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment