සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "පියුමා" නමැත්තා එළඹෙන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (18) නියෝග කෙරුණා.
ඒ, රැඳවුම් භාරයේ සිටි පියුමා නැමති සැකකරුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැකකෙරෙන "පියුමා" ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන පසුගිය පෙබරවාරි මස 15 වනදා දිවයිනට රැගෙන ආවා.
පියුම් හස්තික නොහොත් පියුමා කුඩු සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයා බවට සැලකෙනවා.
ඔහු 2021 වර්ෂයේ පෙබරවාරි 09 වනදා ඩුබායි රාජ්‍යය වෙත පළාගොස් ඇති බවත් අනාවරණ වී තිබුණා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment