ඉදිරි ජනාධිපතිවරණයට දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (22) ගිවිසුමකට එළැඹ තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික සන්ධානය, ප්ලොට් සංවිධානය, ඊලාම් ජනතා විප්ලවාදී විමුක්‌ති පෙරමුණ, ටෙලෝ සහ සිවිල් සංවිධාන ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ කිහිපයකුයි ඉදිරි ජනාධිපතිවරණය සඳහා මෙලෙස පොදු දෙමළ අපෙක්ෂකයකු ඉදිරිපත් කිරීමට යාපනයේදී එකඟතාවයකට පැමිණ ඇත්තේ.
ඒ අනුව නාම යෝජනා භාරදිමේ දිනයන් ප්‍රකාශයට පත්කළ පසු පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මෙම අවබෝධතා ගිවිසුමෙන් අනතුරුව ප්‍රචාරක කමිටුවක්, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කිරිමේ කමිටුවක් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා කමිටුවක් ද පත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment