රාජ්‍ය පොහොර සමාගම නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල අද (17) දිනයේ සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම් දෙනවා.
ඒ අනුව රුපියල් 1,500 සිට රුපියල් 2,000 දක්වා මුදලකින් පොහොර මිල අඩු කිරීමට පියවර ගන්නා බවයි එම සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසන්නේ.
කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝගවලට භාවිත කරන පොහොර මිල ගණන් අඩු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පොහොර සමාගමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද උපදෙස් දී තිබුණා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීයි මෙම පොහොර මිල අඩුකිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර තිබුණේ.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment