අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් දහස් ගණනක් පීඩා වීම සැලකිල්ලට ගනිමින් උතුරු කොරියානු නායක කිං ජොන් උන් විසින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ජල ගැලීම්වලට හසුවූ මාර්ගයක උතුරු කොරියානු නායකයාගේ රථ පෙළක් ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද විදෙස් මාධ්‍ය පළකර තිබුණා.
සිනුජු, උයිජු යන ප්‍රදේශවලට ජල ගැලීම්වලින් වැඩිම බලපෑම් සිදුව ඇති අතර පීඩාවට පත්ව සිටි පුද්ගලයින් 4,000කට වැඩි පිරිසක් ගුවන් යානා මගින් මුදාගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment