ශ්‍රී ලංකාව තුළ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදුකර ඩුබායි රටේ සැඟව සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසිනුයි අද (12) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙන්නේ.
මෙලෙස දිවයිනට රැගෙන විත් ඇත්තේ කොළඹ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වියේ පසුවන කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා නොහොත් "බබී" නැමැත්තා සහ මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැති අපරාධකරුවන් දෙදෙනායි.
සැකකරුවන් දෙදෙනා අද අලුයම 05.10 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.
කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට නියමිත අතර කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා නැමැත්තා කොළඹ, නාරාහේන්පිට මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment