දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් සිය වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අතහැර නැවත සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරු එළැඹුණු එකඟතාවලට අනුව අදාළ තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරින් වෙනුවෙන් කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට අමාත්‍යවරයා සමිති නිලධාරින් වෙත දැනුම් දී ඇති බව සඳහන්.
ඒ ආකාරයෙන් සේවයට වාර්තා නොකරන යම්කිසි නිලධාරින් සිටිනම් ඔවුන් සම්බන්ධව නීත්‍යානුකූලව ක්‍රියාකරන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment