ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මෙවර LPL තරගාවලියේ නැඟී එන ක්‍රීඩකයා ලෙස දක්ෂතා අතරට එක්වුණු චමිඳු වික්‍රමසිංහ සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.
ඒ අනුව සංචිතයේ නායකත්වය චරිත් අසලංක විසින් හොබවනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය පහතින් දැක්වේ.
චරිත් අසලංක (නායක)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
කමිඳු මෙන්ඩිස්
දසුන් ශානක
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
මතීෂ පතිරණ
නුවන් තුෂාර
දුනිත් වෙල්ලාලගේ
දුෂ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
දිනේෂ් චන්දිමාල්
අවිශ්ක ප්‍රනාන්දු
චමිඳු වික්‍රමසිංහ
තරග තුන බැගින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයිනට පැමිණියා.
මුලින්ම විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27, 28 සහ 30 යන දිනවලදී රාත්‍රී 07ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
ඉන්පසුව කොළඹ කෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 2, 4 සහ 7 යන දින තුන තුළ පස්වරු 02.30ට එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment