ක්‍රොඒෂියාවේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ නැගෙනහිර දරුවාර් නගරයේ පිහිටි වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයකට පැමිණි තුවක්කුකරුවෙකු විසින් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
එසේම අදාළ වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව දැක්වෙනවා.
වෙඩිතැබීම සිදුකළ සැකකරු පළාගොස් ආපන ශාලාවක රැඳී සිටියදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කුමන හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
.jpeg)
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment