නව නීතිපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස ජුලි මස 01 වැනිදා අගවිනිසුරුවරයා ඉදිරියේදී දිවුරුම් දුන්නා.
නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමග නීතිපති ධුරය පුරප්පාඩුව පැවතුණා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරීමට පියවර ගෙන තිබුණා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment