කුරුඳුවත්ත වෝඩ් පෙදෙසේ දී පසුගිය 23 වනදා ත්‍රිරෝද රථයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (26) ග්‍රෑන්ඩ්පාස්, සමගි මාවත ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් 35 හා 48 වයස්වල පසු වන ගෝනවිල හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.
එහිදී එක් සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 යි මිලි ග්‍රෑම් 200ක් ද සොයාගෙන තිබෙනවා.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment