ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (26) සමත් වුණා.
ඒ පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දීමටයි.
ඒ අනුව පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කළා.
ලකුණු 141ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඕවර 19.5කදී කඩුලු 7ක් දැවී ලකුණු 141ක් ලබාගනිමින් තරගයේ තියුණු ජයක් වාර්තා කර ගත්තා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු පන්දු 48ක දී ලකුණු 63ක් ලබා ගත්තා.
අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා.
පාකිස්තානය වෙනුවෙන් Sadia Iqbal ලකුණු 16කදී කඩුලු 4ක් දවා ගත්තා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment