ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ පෙරහැර මංගල්‍ය අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වුණා.
ලෝකයේ ආගම් තුනක බැතිමතුන් එකට එක්ව එකම පුදබිමක සිට දෙවියන් අදහන සර්ව ආගමික කේන්ද්‍රස්ථානයක් වන කතරගම පුජා භුමියේ පිහිටි මුස්ලිම් පල්ලියේ පවත්වන විශේෂ උත්සවයක් වන සාමයේ කොඩිය එසවීම ඊයේ (06) සවස සිදුවුණා.
මුස්ලිම්,හිංදු සහ බෞද්ධ බැතිමතුන් විශාල මෙම අවස්ථාවට එක් වු අතර රැහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිණවරාම විහාරාධිපති කපුගම සරණතිස්ස හිමියන්,රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි කතරගම , මුස්ලිම් දේවස්ථානයේ සභාපති සහ කර්‍ය මණ්ඩලය සහා මුබාරක් මව්ලානා, හිංදු පුජක තංගවෙල් කුරැක්කල් සාමි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර, මොණරාගල දිස්ත්‍රික් ලේකම් එස්. බි.රත්නායක යන රාජ්‍ය නිළධාරිහු ද මෙම අවස්ථාවට එක් වුණා.
මෙවර නැකැත් උදා වී ඇති ආකාරය අනුව දින 16ක් පුරාවට පෙරහැර පැවැත්වීම විශේෂ සිදුවීමක්.
මෙම 6 වැනිදායින් ඇරඹෙන පෙරහැර ලබන 21 වැනිදා මහ පෙරහැර පවත්වා 22 වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු නිමාවට පත්වනු ඇති.
අලි ඇතුන් 30දෙනෙකු පමණ ද, උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන්ට අදාළ සහ ජාතික තරුණ සේවා සභාවට අදාළ නර්තන කණ්ඩායම් රැසක් යොදවා පෙරහැර මංගල්‍යය වර්ණවත් කිරීමට කටයුතු යොදා ඇතැයිද දේවාලයේ බස්නායක නිලමේවරයා ප්‍රකාශ කළා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment