රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
පොදුජන පෙරමුණු පක්ෂයේ සභාපති අප අතහැර යද්දීත් අවස්ථාවේ හැටියට රට බේරාගත හැක්කේ රනිල්ට බව තීරණය කළ බව කී බැසිල් රාජපක්ෂ මහතා අද දක්වා ඒ සහයෝගය ඉදිරියටත් දක්වන බව කිව යුතුයැයි පැවසුවා.
එය කරන්නේ රට වෙනුවෙන් බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළා.
27ක දේශපාලන දෙවිය සමරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝජිත අබේගුණවර්ධන මහතාගේ සැමරුම් උළෙලට සහභාගී වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්වුණා.
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහත්වරු ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මීට සහභාගී වී සිටියා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment