2025 වසරේදී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එම තරගාවලිය පැවැත්වීමට නියමිත පාකිස්තානයේ සංචාරය කිරීමට ඉන්දීය කණ්ඩායම අකමැත්ත ප්‍රකාශ කිරීම එවැනි තත්ත්වයක් උද්ගතවීමට හේතුව බව සඳහන් වනවා.
ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉන්දියාව ඉල්ලීමක් කිරීමට නියමිත බවත් එම මාධ්‍ය වාර්තාවේ දැක්වෙනවා.
2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය එම වසරේ මාර්තු මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර පාකිස්තානය පවසා ඇත්තේ ඉන්දීය තරග ලාහෝර් නගරයේ පැවැත්වීමට කටයුතු කරන බවයි.
නමුත් තමන් පාකිස්තානයට යාමට අදහස් නොකරන බව ඉන්දීය කණ්ඩායම පවසනවා.
අවසන් වරට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කළේ 2008 වසරේදී වන අතර ඒ ආසියානු කුසලාන තරගාවලිය සඳහායි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment