මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිමිවන බව අද (06) ප්‍රකාශ කළා.
දෙමළ ප්‍රගතිශීලි සන්ධානය මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ අතර, ඊට එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මෙන්ම නියෝජ්‍ය නායකවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරන් සහ වී රාධ ක්‍රිෂ්ණන් ද එක්වුණා.
මේ අතර, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ උත්තරීත්තර මණ්ඩලය වැල්ලවන්නේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී රැස් වීමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුව ජනාධිපතිවරණයේදී සහාය දෙන අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුරේදීන් කියා සිටියේ.
ඉදිරි ජනධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද තීරණය කළා.
එම පක්ෂය මෙම තීරණය ගනු ලැබුවේ පසුගියදා පැවති එම පක්ෂයේ උත්තරීත්තර මණ්ඩල රැස්වීමේදීයි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment