ඉරානයේ දී සිදුවූ හමාස් නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙසට ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි නියෝග කර තිබෙනවා.
ඉස්මයිල් හනියේගේ ඝාතනය දැඩිව විවේචනය කරන ඉරාන අධ්‍යාත්මික නායකයා හදිසියේ රැස්වූ ඉරාන අධ්‍යාත්මික ජාතික ආරක්ෂණ කවුන්සිලය මෙම නියෝගය ලබා දී තිබුණා.
ඉස්මයිල් හනියේගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම තමන්ගේ වගකීම වන බව අධ්‍යාත්මික නායකයාගේ මතයයි.
මෙවන් පසුබිමක සිය නායකයාගේ ඝාතනය මැද පෙරදිග යුද ගැටුම් වෙනත් දිශානතියකට යොමු කරනු ඇති බව හමාස් සංවිධානය පවසනවා.
හනියේ ඝාතන සැලසුම පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බව පවසන අමෙරිකාව අවධාරණය කරන්නේ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් සම්බන්ධයෙන් වහාම සටන් විරාමයක් අත්‍යවශ්‍ය බවයි.
ඊශ්‍රායලය තමන්ට එල්ල වන චෝදනා පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතත් විදෙස් රටවලදී සිය සතුරන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට ඉතිහාසයක් ඊශ්‍රායලයට පවතිනවා.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment